පාප් වහන්සේගේ අත්අකුරින්ම කාදිනල් හිමියන්ට ලිපියක්

පාප් වහන්සේගේ අත් අකුරින්ම කාදිනල් හිමියන්ට ලිපියක්

by Staff Writer . 23-10-2021 | 7:41 PM

COLOMBO (NEWS1ST):  අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ, අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව, සිය අත්අකුරින්ම ලියූ ලිපියක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙතට යොමු කර තිබේ.

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව තමන් ශෝකයට පත් වන බවත්, ඒ පිළිබඳව තමන් යාඥා කරන බවත් අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ යොමු කළ එම ලිපියේ සඳහන් ය. අතුඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට සුදුසු යැයි හැඟෙන හොඳම දේ සිදු කරන ලෙසත්, තමා විශ්වාස කරමින් කළ යුතු හොඳම දේ පවසන ලෙසත් එම ලිපියෙන් අවධාරණය කර තිබේ. මේ කරුණු හෙළිවුණේ අප්‍රේල් 21 ප්‍රහාරයට යුක්තිය ඉටු නොවීම පිළිබඳව යුරෝපීය රටවල සිටින ශ්‍රී ලංකීය ප්‍රජාව සහභාගී වූ අන්තර්ජාල සාකච්ඡාවකදී ය. එහිදී අදහස් දක්වමින් අතුඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ, අවාසනයේ යුක්තිය ඉටු නොවන තත්ත්වයක් උත්ගතව ඇති බවයි.
''ජනාධිපතිතුමා ජනාධිපතිවරණ සමයේ දී පැවසුවේ ලංකාව, ජනතාවට ආරක්ෂිත රටක් බවට පත් කරනවා කියලා. එතුමා කිව්වා කොමිෂන් සභා වාර්තාවේ සඳහන් ආකාරයට යුක්තිය ඉටු කරන බව, ජනාධිපතිතුමා ජනාධිපතිවරණයෙන් පසුවත් පැවසුවේ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා කියලා. බලාපොරොත්තු නොවූ ආකාරයට දින දෙකකට පසුව එතුමා මට දුරකතන ඇමතුමක් ලබා දී කිව්වා. එම වාර්තාව ලැබුණු අතර එහි ඇතැම් සමහර නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපහසුයි කියලා. මම එතුමාට කිව්වා ස්වාධීනව මේ පිළිබඳව කවුරු හෝ පත් කර එම නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා. එතුමා එය පිළිගත් බවට මට කිව්වා. එය කඩිනමින් සිදු කිරීමටත් එතුමා එකඟ වුණා. ඊට පස්සේ අමාත්‍යවරුන් හය දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරා කළ යුතු සහ නොකළ යුතු දේ සොයා බැලීමට. ඒක මේ ගැටලුම දේශපාලනීකරණය කිරිමක්.දැනට තිබෙන තත්ත්වය අනූව මේ ගැන ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ මේ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩාමයට ආදාළ කිහිප දෙනෙකුට පමණයි. අනෙකුත් සියලු නිර්දේශ ක්‍රියාත්මක වෙලා නෑ. කාලෙකදී ඔවුන් කිව්වේ මේ පිටුපස මහ මොළකරුවෙක් සිටිනවා කියලා. පස්සේ ඔවුන් තැත් කළා. මේ වරද ඒ මහමොළකරුට පවරන්න. ඒ නිසා මේක ගොඩක් දේශපාලනීකරණය වුණා. සහ අස්ථාවර භාවයක් ඇති වුණා. ඒ නිසා හැමෝටම දැන් එපා වෙලා තියෙන්නේ. අවාසනයේ යුක්තිය ඉටු වෙන්නේ නැහැ''