කොදෙව්වන් පැරදූ එංගලන්තයට පහසු ජයක්

කොදෙව්වන් පැරදූ එංගලන්තයට පහසු ජයක්

by Staff Writer . 23-10-2021 | 10:48 PM

COLOMBO (News 1st ) - 2021 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගය එංගලන්තය කඩුලු 6 කින් ජය ගත්තේ ය.

ඩුබායිහිදී පැවති මෙම තරගයේ, පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 14 යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 55 ක් පමණි. ක්‍රිස් ගේල් ලකුණු 13 යි. සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වුයේ නැත. එංගලන්තය වෙනුවෙන් ආදිල් රශීඩ් ලකුණු 2 කට කඩුලු 4 ක් දවා ගත්තේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 8 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය. ජොස් බට්ලර් නොදැවී ලකුණු 24 ක් රැස් කළ අතර නායක ඔයින් මෝගන් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 7 කි. මේ අතර 2021 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය අද (24) පැවැත්වීමට නියමිතයි . සාජහිදී පැවැත්වෙන මෙම තරගය අද (24) සවස 3.30 ට ආරම්භ වීමට නියමිතව ඇත. මේ අතර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ඉන්දියා - පකිස්ථාන තරගයද අද (24) රාත්‍රී 7. 30 ට ඩුබායිහිදී ආරම්භ වීමට නියමිත ය.