එරාවූර් පහරදීම : පොලිස් නිලධාරියා අත්අඩංගුවට

එරාවූර් පහරදීම : පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන වැඩ තහනම් කරයි

by Staff Writer . 23-10-2021 | 12:24 PM

COLOMBO (NEWS1ST) : එරාවුර් ප්‍රදේශයේ මාර්ගයකදී පුද්ගලයෙකුට පහර දුන් පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, පහරදීමට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ සේවය ද අත්හිටවූවා ඇති බවයි. මෙම පොලිස් නිලධාරියා තරුණයෙකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ රිය අනතුරක් සිදුවූ අවස්ථාවක එම ස්ථානයේ විමර්ශන සඳහා ගිය පොලිස් නිලධාරින් ස්ථානයේ මැණීම් කටයුතු සිදුකර ඇති බවයි. එහිදී සෙසු වාහන නතර කර ඒ සඳහා පොලීසියට සහයෝගය ලබාදී ඇතත් මෙම යතුරු පැදිය පැදවූ පුද්ගලයින් එය නොතකා යතුරු පැදිය ධාවනය කිරීම හේතුවෙන් පහරදීම සිදුව ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.