පොහොර ගෙන්විම: පළවන වාර්තා ජනපති ලේකම් ඉවත දමයි

ඉන්දියානු පොහොර ගෙන්විමට අදාළව පළවන වාර්තා ජනපති ලේකම් ප්‍රතික්ෂේප කරයි

by Sagarika Chathumali 23-10-2021 | 10:38 AM

COLOMBO (NEWS1ST): “ඉන්දියානු පොහොරවලට ගෙවීමට කෝටි 29ක් පුද්ගලික ගිණුමකට - ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර බලපෑම් කරලා” යන මැයෙන් සති අන්ත පුවත්පතක පළවන වාර්තාව සම්පූර්ණයෙන්ම සාවාද්‍ය, අසත්‍ය සහ දේශ සහගත ප්‍රවෘත්තියක් බව ජනධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම පුවත්පත් වාර්තාව ජනාධිපති ලේකම්වරයා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි. අදාළ පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් සියලු පාර්ශව කැඳවා විධිමත් පුළුල් පරීක්ෂණයක් පවත්වන්නැයි, ජනාධිපති ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මේ අතර ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් යූරියා දියර පොහොර ගෙන්වීමේදී ගනුදෙනුව සිදුවූ අකාරය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණයක් කළේ ය. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් හා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් පාර්ලිමේන්තුවේදි පළ කළ අදහස්... https://www.youtube.com/watch?v=Rzdj8aMP9mU