by Staff Writer . 23-10-2021 | 1:12 PM
COLOMOBO (News 1st) - ඩෙල්ටා ප්ලස් කොරෝනා වෛරස් ප්‍රභේදය සාමාන්‍ය කොරෝනා වෛරස් ප්‍රභේදයන්ට වඩා ශ්‍රීඝ්‍රයෙන් සහ ඉතා පහසුවෙන් ව්‍යාප්ත වන බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ , ඩෙල්ටා ප්ලස් වෛරස් ප්‍රභේදයෙන් ඇතිවිය හැකි හානි පිළිබඳව එම ඒජන්සිය තවදුරටත් පර්යේෂණ සිදුකරන බවයි.
මිනිසුන් ආරක්ෂා කිරීම සඳහා පවතින එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කරමින් ක්‍රමානුකූලව සිදුකළ යුතු බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
එක්සත් රාජධානිය තුළ ඩෙල්ටා ප්ලස් ආසාදිතයින් වැඩි වෙමින් පවතින අතර, නවතම දත්තවලට අනුව කොරෝනා ආසාදිතයින්ගෙන් 6% ක් ඩෙල්ටා ප්ලස් ආසාදිතයින් බව තහවුරු වී තිබේ.