අමෙරිකානු හමුදා ප්‍රහාරයකින් අල්-කයිඩා නායකයෙකු මරුට

අමෙරිකානු හමුදා ප්‍රහාරයකින් අල්-කයිඩා නායකයෙකු මරුට

අමෙරිකානු හමුදා ප්‍රහාරයකින් අල්-කයිඩා නායකයෙකු මරුට

කර්තෘ Staff Writer .

23 Oct, 2021 | 9:38 am

COLOMBO  (News 1st ) – සිය හමුදා එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් සිරියාවේ අල්-කයිඩා නායකයෙකු ඝාතනයට ලක්වූ බව අමෙරිකාව පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අල්-කයිඩා සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු වන අබ්දුල් හමීඩ් අල්-මාතාර් නමැති පුද්ගලයා මෙලෙස මියගොස් ඇති බවයි.

මොහු ඝාතනය කිරීම, අල්-කයිඩා සංවිධානයේ ඉදිරි ප්‍රහාර සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව කඩාකප්පල් කරනු ඇතැයි, අමෙරිකානු හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

මොහු ඝාතනය කෙරුණේ, සිරියාවේ දකුණුදිග ප්‍රදේශයේ අමෙරිකානු හමුදා මුරපොළකට ප්‍රහාරයක් එල්ල වී දින දෙකකට පසුවයි.

කෙසේ වෙතත්, සිය හමුදා මුරපොළට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් මෙම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු හමුදාව නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]