BREAKING : සියලු පාසල්වල ප්‍රාථමික අංශ 25 සිට ඇරඹේ

by Staff Writer . 22-10-2021 | 5:26 PM
COLOMBO (NEWS1ST):  දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික අංශ ඔක්තෝබර් 25 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ සිසුන් සංඛ්‍යාව 200 ට වැඩි පාසල්වල ප්‍රාථමික අංශ ලබන සඳුදා එනම් 25 වැනිදා සිට ආරම්භ කිරීමට අද පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී නිර්දේශ ලැබුණු බවයි. ඊට අදාළ ක්‍රියාමාර්ග අධ්‍යාපන අමාත්‍යංශය සූදානම් කරමින් සිටින බව ද ලේකම්වරයා නිව්ස් ෆස්ට් වෙත ප්‍රකාශ කළේ ය.