by Staff Writer . 22-10-2021 | 12:34 PM
COLOMBO (NEWS1ST): දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 අලුයම 4.00 ට ඉවත් කරන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
යුද හමුදාපතිවරයා සඳහන් කළේ, සෞඛ්‍ය සේවකයින්, ත්‍රිවිද හමුදාව, පොලීසිය ඇතුළු ඉදිරි පෙළ කාර්ය මණ්ඩල සඳහා තෙවැනි මාත්‍රාව (බූස්ටර් එන්නතක්) ලබා දීම නොවැම්බර් 01 වැනිදායින් පසු ආරම්භ කරන බවයි.