වයස 16 ,17 පාසල් සිසුන් එන්නත්කරණය අදාළ පාසල්වලදී

වයස 16 ,17 පාසල් සිසුන් එන්නත්කරණය අදාළ පාසල්වලදී...

by Staff Writer . 22-10-2021 | 9:37 AM

COLOMBO (NEWS1ST): වයස 16 , 17 පාසල් සිසුන් සඳහා  විදුහල්පතිවරයා දන්වන වේලාව අනුව අදාළ පාසල්වලදී කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට අද (22) සිට පියවර ගන්නා බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ, වයස 15 -19 අතර වයස් කාණ්ඩයේ සියලු සිසුන් එන්නත්කරණය ඉදිරි දිනවලදී සිදු කරනු ඇති බවයි.