චීන තානාපති සහ විපක්ෂ නායකවරයා අතර හමුවක්

මෙරට චීන තානාපති සහ විපක්ෂ නායකවරයා අතර හමුවක්

by Staff Writer . 22-10-2021 | 11:04 PM

COLOMBO (NEWS1ST): ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද සිදු විය.

දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ අතර ශ්‍රී ලංකාවේ සෛවරීත්වය සුරක්ෂිත කෙරෙන මිත්‍රශීලී ද්වීපාර්ශවීය සබඳතාවයෙහි වැදගත්කම විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ දියුණුව සහ අභිවෘද්ධිය වෙනුවෙන් ද මෙරට මුහුණ දී සිටින වත්මන් ණය අර්බුදය කළමනාකරණය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ත් මෙහිදී විපක්ෂ නායකවරයා ඉල්ලීමක් සිදු කර තිබේ. දෙරට අතර පවත්නා දීර්ඝකාලීන සබඳතාව පිළිබඳව සිහිපත් කළ චීන තානාපතිතුමා එහි වැදගත්කම ද මෙහිදී අවධාරණය කර තිබේ.