ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..

නෙදර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..

by Staff Writer . 22-10-2021 | 9:59 PM

COLOMBO ( News 1st) -2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, සුදුසුකම් ලැබීමේ තරග වටයේ, නෙදර්ලන්ත සමග අද (22) පැවති තරගය ශ්‍රී ලංකාව කඩුලු 08කින් ජය ගත්තේ ය.

ඒ අනුව, සුදුසුකම් ලැබීමේ තරග වටයේදී "A" කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරග 03ම ජය ගැනීමට සමත් විය . සාජාහී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 10ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 44 ක් පමණි. නෙදර්ලන්ත පිතිකරුවන් 10 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කර යෑමට හැකි වුණේ නැත. මහීෂ් තීක්ෂණ එක් පන්දු වාරයක් ක්‍රියාත්මක කරමින් ලකුණු 3 කට කඩුලු 2 ක් දවා ගත්තේ ය. වනිදු හසරංග ලකුණු 9 කට කඩුලු 3 ක් දවා ගත් අතර ලහිරු කුමාර ලකුණු 7 කට කඩුලු 3 ක් දවා ගත්තේ ය. ජයග්‍රහණය සඳහා ලකුණු 45ක ඉලක්කයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ඉනිම කුසල් ජනිත් පෙරේරා සමගින් පැතුම් නිස්සංක ආරම්භ කළ අතර කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 33 ක් රැස් කළේ ය . ලහිරු කුමාර තරගයේ වීරයා බවට පත් විය.