අද 10 ට පාර්ලිමේන්තුව රැස්වෙයි

අද 10 ට පාර්ලිමේන්තුව රැස්වෙයි

by Staff Writer . 22-10-2021 | 8:51 AM

COLOMBO (NEWS1ST): කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද දිනයේ ක්‍රෙමාපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ගැනෙන නියෝග ද්විත්වයක් විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කරගැනීමට නියමිත බව ය. එමෙන්ම අද පස්වරුවේ ආණ්ඩු පක්ෂ ගෙනෙන යෝජනාවකට අනුව 2021-03-10 සහ 2021-04-06 දිනවලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෝප් වාර්තා පිළිබඳව කල් තැබීමේ විවාදයක් ද පැවැත්වීමට නියමිත වේ.