පැය 24 ක් තුළ නිරෝධායන නීති කැඩූ 32 ක් අත්අඩංගුවට

පැය 24 ක් තුළ නිරෝධායන නීති කැඩූ 32 ක් අත්අඩංගුවට

පැය 24 ක් තුළ නිරෝධායන නීති කැඩූ 32 ක් අත්අඩංගුවට

කර්තෘ Staff Writer .

22 Oct, 2021 | 5:19 pm

COLOMBO (News 1st) – නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 32 දෙනෙකු, පැය 24 ක් තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ඊයේ (21) උදෑසන 6 සිට අද (22) උදෑසන 6 දක්වා පොලීසිය කළ පරීක්ෂා කිරීම්වලදී ය.

එහිදී බස්නාහිර පළාතට ඇතුළු වන වාහන 781 ක් සහ පුද්ගලයින් 1568 ක් පරීක්ෂාවට ලක්කර තිබිණ.

බස්නාහිර පළාතෙන් පිටවීමේදී පරික්ෂාවට ලක් කළ වාහන සංඛ්‍යාව 710 කි.

ඒ අනුව නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් 81 220 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසීය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]