.webp)
පෙගසස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබේ ද? පාඨලී ප්‍රශ්න කරයි
තව ද තවත් සුවිශේෂි කරුණක් සභාවේ විශේෂ අවධානයට ලක් කරවමින් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ ,සාමාන්‍ය දුරකතන ඇමතුමක් නොවන වට්ස්ඇප් ඇමතුමකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සවන්දුන්නේ කෙසේ ද යන්නයි. මන්ත්‍රීවරයා කියා සිටියේ, දත්තයක් ලෙස යන වට්ස්ඇප් ඇමතුම් හරහා සංවාද සිදු කළේ කා සමග ද යන්න දැන ගැනීම දුරකතන සමාගම්වලට සාමාන්‍ය තොරතුරු තාක්ෂණ දත්ත පද්ධතිය යටතේ සිදු කළ නොහැක්කක් බවයි. එසේ නම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙලෙස වට්ස්ඇප් ඇමතුම්වලට සවන් දීමට හැකියාව ලැබෙන්නේ, යම් සුවිශේෂි තාක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබුණොත් පමණක් බව ද මන්ත්‍රීවරයා අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කර සිටියේ ය. පසුගිය සමයේ ප්‍රංශ ජනපති, ඉන්දීයාවෙ රාහුල් ගාන්ධි වැනි ලොව ප්‍රධාන පුද්ගලයිනගේ වට්ස්ඇප් පණිවුඩවලට පවා ඒ ඒ රජයන් හෝ වෙනත් විදේශ රජයන් ඇහුම්කන් දී බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය. පෙගසස් නමින් ඊශ්‍රායලයේ නිර්මාණය කරන ලද තාක්ෂණ මෙවලම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබේ ද එසේ නැති නම්, සාමාන්‍ය ඇමතුමක් නොවන වට්ස්ඇප් ඇමතුමක් පිළිබඳ තොරතුරු ඔවුන් දැන ගත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් කරන ලෙස මන්ත්‍රී පාඨලී චම්පික මහතා ඉල්ලා සිටියේ ය.