2022 තෙක් කොරෝනා වසංගතය පවතීවි – WHO

2022 තෙක් කොරෝනා වසංගතය පවතීවි – WHO

2022 තෙක් කොරෝනා වසංගතය පවතීවි – WHO

කර්තෘ Staff Writer .

21 Oct, 2021 | 12:29 pm

COLOMBO (NEWS1ST):  කොරෝනා වසංගත තත්ත්වය 2022 වසර තෙක් පවතිනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, තවමත් දිළිදු රටවල් බහුතරයක් වෙත කොරෝනා එන්නත් ලැබී නොතිබීම හේතුවෙන්, වසංගත තත්ත්වය තවත් වර්ෂයකට ආසන්න කාලයක් පවතිනු ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනෙකුත් මහද්වීප හා සසඳන විට අප්‍රිකානු ජනගහණයෙන් 5% ටත් වඩා අඩු ප්‍රතිශතයකට පමණක් කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇති බවයි.

බ්‍රිතාන්‍ය, අවශ්‍යතාව සහිත රටවල් වෙත කොරෝනා එන්නත් මිලියන දහයකට වැඩි ප්‍රමාණයක් යවා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]