සිසුන් 200 ට අඩු ප්‍රාථමික පාසල් ඇරඹේ...

සිසුන් 200 ට අඩු ප්‍රාථමික පාසල් ඇරඹේ...

by Staff writer 21-10-2021 | 9:31 AM

COLOMBO (NEWS1ST): සිසුන් 200ට අඩු ප්‍රාථමික පාසල් අද (21) ආරම්භ විය.

කෙසේ වෙතත්, වැටුප් විෂමතාව මුල් කරගනිමින් ක්‍රියාත්මක ගුරු විදුහල්පති වැඩවර්ජනය මධ්‍යයේ පාසල් පවත්වාගෙන යන්නේ කෙසේදැයි, නිව්ස් ෆස්ට් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර එහි ලේකම් මාහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, ළමුන් වෙනුවෙන් අද සහ හෙට පාසල් මට්ටමින් විශේෂ වැඩසටහන් සංවිධානය කර ඇති බවයි. ඒ, "සතුටු සිතින් පාසල් යමු" තේමාව පාදක කර ගනිමින් ය. ලේකම්වරයා පැවසුවේ, අදාළ කටයුතු අධීක්ෂයට සහ ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ සොයා බැලීමට කොට්ඨාස සහ කලාප මට්ටමින් නිලධාරීන් අනියුක්ත කර ඇති බවයි. මීට අමතරව සංවර්ධන කමිටු සහය ද, පාසල් කටයුතු පවත්වාගෙන යාම සඳහා ලබා ගන්නා බව ඔහු සඳහන් කළේ ය. මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් අධීක්ෂණයට සියලු කලාප ආවරණය වන පරිදි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ද, යොමු කරන බවයි. ඒ සඳහා සහයෝගය දීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සාමාජික වෛද්‍යවරුන් ද, ස්වේච්ඡාවන් ඉදිරිපත් ව ඇතැයි ඔහු පැවසී ය. මේ අතර, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජොසප් ස්ටාර්ලින් මහතා පවසන්නේ, සැලසුම් කළ පරිදි අද සහ හෙට වැඩවර්ජනයක නිරත වන බවයි.