''අපි ස්කෑන් කර කර බැලුවා බබාලාගේ වර්ධනය කොහෝම ද සහ ලේ ගමනා ගමනය කොහොමද කියලා. ඒ අවස්ථාවේ අපිට තීරණය කරන්න වුණා. එක් අවස්ථාවක බබාලා දෙන්නෙක්ගේ ලේ ගමනාගමනය ටික ටික අඩුවෙන්න යනවා. කියලා. ඒ මොහොතේ තීරණය කරලා අම්මාගේ සෞඛ්‍ය තත්ත්වයත් ගැන හිතලා සති 31 තමයි හොඳම කාලය කියලා මොකද පොත්වලවත් සඳහන් නැහැ. ඒ අනුව තීරණය කළා. මේ ඩිලිවරි එක කරන්න. අද පාන්දරව නිරෝගිව ඒ බබාලා බිහි කළා.'' - වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් -
දරුවන් හය දෙනාම මේ වන විට යහපත් තත්ත්වයේ පසුවන බව රෝහල් බලධාරීහු පවසති. මේ දරුවන් නිරුපද්‍රිතව රැකබලා ගැනීම අතිශය අභියෝගාත්මක රාජකාරියක් බව වෛද්‍යවරුන්ගේ මතයයි.
''එක්කෙනෙක් තමයි බලාපොරාත්තුවෙන් හිටියේ එක්කෙනෙක්ට 6 දෙනෙක් ලැබුනාහම කොහෝමත් සතුටුයි නේ. ඒකත් එක්කම පොඩි භයකුත් තිබුණා. නමුත් ඒ වෙලාවේදී අපි ඩොක්ටර්ට ඇඩ්වයිස් කරලා තිබුණු නිසා පොසිටිව්ලි කතා කරපු නිසා ඒකට මුහුණ දෙන්න සුදානම් වුණා''- දරුවන්ගේ පියා - https://www.youtube.com/watch?v=ioKPL3qzG50