මීගමුවේදී අතුරුදන් වූ දැරියගේ සිරුර ඉරණවිලෙන් ගොඩ ගසයි

by Staff Writer . 21-10-2021 | 11:02 PM

COLOMBO (NEWS1ST):  මීගමුව අලුත්කූරුව වෙරළදී අතුරුදන් වූ දැරියේ මළ සිරුර හලාවත ඉරණවිල මුහුදු වෙරළට ගොඩගසා තිබිණ.

මෙලෙස මියගොස් තිබුණේ, අවුරුදු දෙකහමාරක තමාෂා රොෂේලි නමැති දැරියයි. මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දහවල් සිදුකෙරිණ. වැඩිදුර පරීක්ෂණ සඳහා දේහය හලාවත මහ රෝහලට යොමුකර තිබේ.