පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි

by Staff Writer . 21-10-2021 | 7:24 PM

COLOMBO (NEWS1ST):  මධ්‍යම , වයඹ , බස්නාහිර ,සබරගමුව සහ ඌව පළාත්වලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අනුරාධපුර , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ද ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි. අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නැයි, එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටී.