පළාත් අතර පොදු ප්‍රවාහනයට තවදුරටත් ඉඩක් නැහැ...

පළාත් අතර පොදු ප්‍රවාහනයට තවදුරටත් ඉඩක් නැහැ...

by Staff writer 21-10-2021 | 9:34 AM

COLOMBO (NEWS1ST): පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේ කාලය දීර්ඝ වීමෙන් පොදු ප්‍රවාහන සේවා තවදුරටත් ක්‍රියාත්මක නොවන බව, ප්‍රවාහන අමාත්‍යාංශය අවධාරණය කරයි.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ, මගී ජනතාව පත්ව ඇති අපහසුතා සම්බන්ධයෙන් කොවිඩ් කමිටුව දැනුවත් කර, සීමා සහිතව හෝ පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවයි. දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 31 වැනිදා අලුයම 4 .00 දක්වා දීර්ඝ කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (20) නිවේදනයේ කළේ ය.