නැනෝ පොහොරවලට SLS සහතිකයකුත් නෑ - විපක්ෂ නායක

නැනෝ පොහොරවලට SLS සහතිකයකුත් නෑ - විපක්ෂ නායක

by Staff Writer . 21-10-2021 | 10:09 PM

COLOMBO (NEWS1ST):  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පොහොර ගැටලුව පිළිබඳව ප්‍රශ්න කළේ ය.

තව ද පස්වරුවේ කල් තැබීමේ විවාදයත් පැවැත්වුණේ ද පොහොර පිළිබදවයි. විපක්ෂ නායකවරයා පොහොර ගැටලුව පිළිබඳව ප්‍රශ්න කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තු සභාවේ සිටින අතරතුරයි. පාංශු සරුබව සහා පොෂණ කළමනාකරණය පිළිබඳ මහාචාර්ය සමන් ධර්මකිරිති මහතා උපුටා දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, මෙය කාබනික පොහොරක් නොවන බවයි. තව ද ඉතා මිල අධික මෙම දියර පොහොර ලීටර් 2.5 ලැබෙන නයිට්‍රජන් ප්‍රමාණය ග්රෑම් 100 ක් බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ය.
''සමන් ධර්මකිරිති පාංශු සරුබව සහා පොෂණ කළමනාකරණය පිළිබඳ මහාචාර්ය, කෘෂිවිද්‍ය පිඨය - පෙරාදේණිය විශ්ව විද්‍යාලය. එතුමා කියනවා. ඒක කාබනික පොහොරක් නොවේ. ඉතා මිල අධිකයි. ලීටර් 2.5 ලැබෙන්නේ නයිට්‍රජන් ග්රෑම් 100 ක්, ඇත්ත වශයෙන්ම ගොයම් ගහට අවම වශයෙන් කිලෝ ග්රෑම් 50 ක් අවශ්‍යයි. වෙන නයිට්‍රජන් පොහොර දුන්නේ නැත්තන් දිනකට 4 වතාවක් ස්ප්‍රේ කරත් අවශ්‍ය නයිට්‍රජන් නැනෝ යුරියාවලින් දෙන්න බෑ. මේවා ගැන ලංකාවේ පරීක්ෂණ කරලා නෑ.  උස් බෝග සඳහා ඉරිඟු වැනි බෝගවල ස්ප්‍රේ කරන්න ඕන ඩ්‍රෝන හරහා.. අලුත් නිෂ්පාදනයක් නිසා පරිසරයට සිදුවිය හැකි හානි පිළිබඳව තොරතුරු ලොකෙත් අඩුයි''
තව ද නැනෝ පොහොර සඳහා SLS සහතිකයක් නොමැති බවත් කාබනික කෘෂිකර්මය සඳහා වන SLS ප්‍රමිතිය නැනෝ කෘෂිකර්මය අනුමත නොකරන බව ත් විපක්ෂ නායකවරයා සිය කරුණු පැහැලිදි කිරීමේදී කියා සිටියේ ය. මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ, ශාකය ඉල්ලන පොෂණ ගුනය දෙන්නේ නම්, කෘෂි කර්මාන්තයේ රසායනික හෝ කාබනික ලෙස දෙයක් නොමැති බවයි.
''ඔබතුමාට අපි දිගින් දිගටම කිව්වා. කෘෂි කර්මාන්තයේ රසායනික කාබනික කියලා දෙයක් නෑ. ශාකය ඉල්ලන පොෂණ ගුනය දෙනවා නම්. නයිට්‍රජන් පොටැසිටම් ප්‍රොස්පරස් ඇතුළු සංඝටක ටික අපි දෙනවා නම්, එක තමයි අපි ඔබතුමාට කියන්නේ, නැනෝ නයිට්‍රජන් එක ගැන කිව්වා. විශ්ව විද්‍යාල ආචාරවරයෙක් කතා කරයි කියලා. හැබැයි අපි ඔබතුමාට මේ පරිසර හිතකාමී කෘෂිකර්මය සඳහා තමයි. මෙ තමයි ලෝකේ අලුත්ම තාක්ෂණය විපක්ෂ නායකතුමා , ඉතිං මේක අනිත් ඒවට වඩා යූරියා මිටියකින් කරන එක මේක ලීටර් භාගයකින් කරන්න පුළුවන්. ඒ නිසා ඉතා ඉහළ තාක්ෂණයෙන් යුත් නැනෝ නයිට්‍රජන් පොහොරක් අපි ගෙනල්ලා තියනවා. අපි 30 වෙනිදා වෙනකොට සියල්ල ගේනවා''
මේ අතර රටපුරා උද්ගතව ඇති පොහොර ගැටලුව පිළිබඳ අදහස් පළ කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, ආනයනය කළ දියර පොහොරවලින් ප්‍රශ්නය විසඳිය නොහැකි බවයි.
''මහින්දානන්ද අමාත්‍යතුමා සද්දෙන් හරි මස්පිඩුවලින් හරි ගන්න ඕන තීන්දුවක් නෙවෙයි. ඔබතුමා චුට්ටක් වැඩියෙන් කැමති සද්දෙන් ගන්නෙ. ජනාධිපතිතුමා වැඩියෙන් කැමති මස්පිඩුවලින් ගන්න කියලා තමයි අපිට පෙන්නේ. එහෙම තීන්දුවක් නෙවෙයි මේක. මං කියනවා අනිත් ඕන කෙනෙක් මිල දී ගන්න පුළුවන් අපිව මිල දී ගන්න බැහැ. ඔබතුමා එහෙම ප්‍රකාශයක් කළා. පසුගිය දවසකදී. ඒ පිළිබඳව හෙට ඔබතුමාට එන්තරවාසී ඒවී. අපි උසාවියේ දී හමුවෙමු. භූතානයේ මේ තීන්දුව ගන්නවා 2012 දී. නැවත පසුවිපරම කරලා ඔවුන් එක 2030 දක්වා කල් දානවා. මොකද සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බැරි වී තිබෙනවා. අප්‍රේල් මාසේ 28 වෙනිදා කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගන්නවා මැයි මාසේ 06 වෙනිදා ගැසට් පත්‍රය නිකුත් කරනවා. මහ කන්නයේ ප්‍රශ්නය එනවා. දැන් අද හාන්න ඕන හෙට වපුරන්න.එහෙමයි දැන් තියන තත්ත්වය. ඒ වගේම තමයි හදිසි ඔබතුමා මේ නැනෝ නයිට්‍රජන් පොහොරක් ආනයනය කිරිම.මේ ඇවිල්ලා නැනෝ නයිට්‍රජන් නැ ගරු මන්ත්‍රිතුමනි. නැනෝ යුරියා. එකේ 4%ක් යූරියා තියනවා. හැබැයි පර්යේෂණ පත්‍රිකාව මා ගාව තියනවා. එම ගොවි සමිතිය විසින් කරපු. ඒ පර්යේෂණ පත්‍රිකාවේ තියන 50%ක් යුරියා යොදලා මාසකට පස්සේ පසුව තමයි මේ නයිට්‍රජන් කොළයට යොදන්නේ. මා දන්නේ නැ. ,කෘෂිකර්ම පර්යේෂණායතනය මගින් අපේ රටේ ගොවිපළ මට්ටමින් පරික්ෂා කරා ද කියලා.මං හිතන්නේ ප්‍රශ්නේ මතුවෙලා තියෙන්නේ''