කජිමාවත්තේ පුද්ගල ඝාතනයක්..

ඝාතනයකින් කෙළවර වූ කජිමාවත්තේ සහෝදර ගැටුම

by Staff writer 21-10-2021 | 11:32 AM

COLOMBO (NEWS1ST): ග්‍රෑන්ඩ්පාස්, කජිමාවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ , සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් ඝාතනයට හේතුවී ඇති බවයි. ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිරිදි ෆර්ගියුෂන් පාර කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධියට සම්බන්ධයෙන් 28 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද(21) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.