නොවැම්බර් 08 වැනිදා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ..

නොවැම්බර් 08 වැනිදා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ..

නොවැම්බර් 08 වැනිදා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ..

කර්තෘ Staff writer

21 Oct, 2021 | 3:48 pm

COLOMBO (NEWS1ST) – නොවැම්බර් 08 වැනිදා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ, ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න 50 කට පිළිතුරු දීමේ අවස්ථාව ලබාදීම සඳහා ය.

අද(21) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණයට එළැඹි බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.

ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න 2 බැගින් විමසා පිළිතුරු ලබාගැනීමට නොවැම්බර් 10 වැනිදා අවස්ථාව ලබා දීමට ද තීරණය කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]