නිව් ෆෝට්‍රෙස් ගනුදෙනුවට එරෙහිව SJB ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

නිව් ෆෝට්‍රෙස් ගනුදෙනුවට එරෙහිව SJB ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

නිව් ෆෝට්‍රෙස් ගනුදෙනුවට එරෙහිව SJB ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

කර්තෘ Staff Writer .

21 Oct, 2021 | 11:11 am

COLOMBO (NEWS1ST):  කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් කොටස්වලින් 40%ක් අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට පවරා දීමට රජය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය අද (21) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ය.

පෙත්සම ගොනු කරනු ලැබුවේ, පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසිනි.

යුගදනවි බලාගාරයට අවශ්‍ය ද්‍රව වායු සැපයීමේ කොන්ත්‍රාත්තුව එම සමාගමට ලබා දීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා තිබේ.

පෙත්සම්කරු ඉල්ලා ඇත්තේ, පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබා දෙන තුරු එම ගිවිසුම් අත්සන් කිරීම වළක්වන අතඅරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

පෙත්සමේ වග උත්තකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගම හා කොළඹ වෙස්ට් කොස්ට් පවර් පුද්ගලික සමාගම ඇතුළු 54 දෙනෙකු නම් කර තිබේ.

මේ අතර, කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් කොටස්වලින් 40% ක ප්‍රමාණයක් අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට පවරා දීමට රජය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි, ඉල්ලා ජාතික හිමිකම් සංවිධානය අද අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කළේ ය.

පෙත්සම ගොනු කරනු ලැබ ඇත්තේ, එම සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, වෛද්‍ය ගුණදාස අමරසේකර, නීතිඥ නුවන් දැල්ලන්තුඩාව සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර විසිනි.

රජයේ එම තීරණ බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි, පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]