අවුරුදු 30 ට වැඩි 100% එන්නත්කරණයට ලක්ව අවසන් – සෞඛ්‍ය ඇමති

අවුරුදු 30 ට වැඩි 100% එන්නත්කරණයට ලක්ව අවසන් – සෞඛ්‍ය ඇමති

අවුරුදු 30 ට වැඩි 100% එන්නත්කරණයට ලක්ව අවසන් – සෞඛ්‍ය ඇමති

කර්තෘ Staff writer

21 Oct, 2021 | 9:55 am

COLOMBO (NEWS1ST): වයස අවුරුදු 30 ඉක්මවූ සියලු දෙනා කොරෝනා මර්දන එන්නත්කරණයට යොමුව ඇති බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, වයස අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන පිරිසෙන් 57 % ක් ද මේ වනවිට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගෙන ඇති බවයි.

මේ අතර වයස අවුරුදු 18 – 19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම අද සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති මහාචාර්ය ශාමන් රජින්ද්‍රජිත් මහතා පැවසුවේ, අදාළ වයස් කාණ්ඩයේ ළමුන් සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වූ බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]