වප් පුර පසළොස්වක පෝය දිනය අදයි..

වප් පුර පසළොස්වක පෝය දිනය අදයි..

by Staff writer 20-10-2021 | 8:43 AM

COLOMBO (News 1st): වප් පුර පසළොස්වක පෝය දිනය අදට(20) යෙදී තිබේ.

පුරා තුන්මසක් තවුතිසා දෙව්ලොව වස් විසූ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කර දඹදිව සංකස්ස පුරයට වැඩම කළේ , අද වැනි පොහෝ දිනකදී ය. සැරියුත් හිමියන් ප්‍රඥා ලාභීන් අතර අග තනතුර ලැබීම සහ මෛත්‍රී බෝසතුන් ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වීම ද වප් පොහෝ දිනයේ සුවිශේෂී සිදුවීම් ය. මේ අතර අදින් ආරම්භ වන කඨින පිංකම් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව කඨින චීවරය රැගත් පෙරහැර, කඨින චීවර පුජාව දහවල් දානමය පිංකම සහ කඨිනානිසංස ධර්ම දේශනය සඳහා සහභාගී විය හැකි උපරිම පුද්ගලයින් ගණන 50 කි. මීට අමතරව පනවා ඇති සෙසු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෙම පිංකම් සිදු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.