පොලිසියට අවනත නොවූ තරුණයන්...

පොලිසියට අවනත නොවූ තරුණයන්...

by Staff writer 20-10-2021 | 3:25 PM

COLOMBO (News 1st) – තණමල්විල , කිතුල්කොටේ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

ලුණුගම්වෙහෙර සිට තණමල්විල දෙසට ගමන් ගත් යතුරු පැදියක් ලොරි රථයක් පසුකර යෑමට උත්සහා දැරීමේදී වැන් රථයක ගැටී තිබූ බව වාර්තා වෙයි. එහිදී යතුරුපැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනා පසුපසින් පැමිණි ලොරියකට ද යටවී ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ, අවුරුදු 19 සහ 20 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකි. අනතුරට ලක්වූ තරුණයින් දෙදෙනා ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී රථවහාන පොලිසිය යතුරු පැදිය නවත්වන ලෙසට කළ අනකිරීම් ද නොතකා ධාවනය කර ඇති බව ද පොලිසිය ප්‍රකාශ කළේ ය. ඒ අනුව පොලිසිය ඔවුන්ව ලුහුබැඳ තිබේ. පොලිසිය ප්‍රකාශ කළේ, මියගිය තරුණයින් දෙදෙනා සතුව රියැදුරු බලපත්‍ර ඇතුළු වාහනය ධාවනයට අදාළ කිසිදු ලියකියවිලක් නොතිබූ බවයි. අනතුර සම්බන්ධයෙන් වැන් රථයේ සහ ලොරි රථයේ රියැදුරන් අත්අඩංගුවට ගෙන ඇත.