by Staff writer 20-10-2021 | 2:07 PM
COLOMBO (News 1st) – පේදුරුතුඩුව - කෝවලම් , කලංගරෛයි මුහුදු තීරයේ අතුරුදන් වූ ඉන්දීය ධීවරයාගේ සිරුර නාවික හමුදාව සොයා ගෙන තිබේ.
මෙරට මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව පසුගිය 18 වැනිදා පස්වරුවේ මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.
එහිදී පලා ගිය එක් ධීවර බෝට්ටුවක් නාවික හමුදා බොට්ටුවක ගැටුණු බව වාර්තා වෙයි.
එම අනතුරෙන් ඉන්දීය ධීවර බෝට්ටුව පෙරළී ගිය අතර එහි සිටි ධීවරයින් 03 දෙනාගෙන් දෙදෙනෙකු බේරාගෙන තිබුණේ , නාවික හමුදාවයි.
කෙසේ වෙතත් එක් ධීවරයෙකු අතුරුදන් වූ අතර ඔහු සොයා මෙහෙයුම් අද (20)උදෑසන දක්වා ක්‍රියාත්මක විය..
අදාළ ඉන්දීය ධීවරයින් පැමිණ තිබුණේ, තමිල්නාඩු, පුදුකෝට්ටෛයි ප්‍රදේශයේ සිටයි.