නිරෝධායන නීති කැඩූ 71 දෙනෙකු දැලේ..

නිරෝධායන නීති කැඩූ 71 දෙනෙකු දැලේ..

by Staff writer 20-10-2021 | 10:17 AM

COLOMBO (News 1st): අද(20)උදෑසන 6.00 න් අවසන්වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය නිවේදනය කරයි.

ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 81,131 කි. බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන ස්ථානවල ස්ථාපිත කර ඇති මාර්ග බාධක 13 කදී පුද්ගලයින් 3,266 ක් ගතවූ පැය 24 තුළ පරීක්ෂා කර ඇත. එහිදී නියමිත අවසරයක් නොමැතිව ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 618 දෙනෙකු ආපසු හරවා යැවූ බව පොලිසිය නිවේදනය කරයි .