ධීවර ගැටලු:ඉන්දියාව සමග සාකච්ඡා..

ධීවර ගැටලු ගැන ඉන්දීය රජය සමග සාකච්ඡා කිරීමට සැලසුම්

by Staff writer 20-10-2021 | 9:15 AM

COLOMBO (News 1st): ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමා උල්ලංඝණය කිරීමත් සමග ඇතිව ඇති ධීවර ගැටලු සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග සාකච්ඡා කරන බව ධීවර අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ඉන්දු රත්නායක මහත්මිය පැවසුවේ, ඉන්දීය සහ මෙරට ධීවර ප්‍රජාව සමගද සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවය. අදාළ ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව ද, ඇය පැවසුවා ය. ලේකම්වරිය සඳහන් කළේ, මෙරට මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවර යාත්‍රා 08 ක් මේ වනවිට මෙරට භාරයේ පවතින බවය. ඉන් යාත්‍රා 02ක් පසුගිය සතියේ ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති අතර, එහි සිටි ධීවරයින් 23 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇතැයි ද ඇය පැවසුවා ය. ඉන්දු රත්නායක මහත්මිය සඳහන් කළේ, මෙරට මුහුදු සීමා උල්ලංඝණය කළ ධීවරයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි, අදාළ අංශවලට මේ වනවිටත් දැනුම් දී ඇති බවය.