ජීව අත් බෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..

ජීව අත් බෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..

by Staff writer 20-10-2021 | 10:56 AM

COLOMBO (News 1st): කින්නියා, පුවරසන්තිව් ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ , ලද තොරතුරක් මත කළ වැටලීමකදී වයස අවුරුදු 29 ක අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි. සැකකරු අද(20) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.