එකම පවුලේ තිදෙනෙක් ඇල්ලවල දිය ඇල්ලට බිලි

එකම පවුලේ තිදෙනෙක් ඇල්ලවල දිය ඇල්ලට බිලි

by Staff Writer . 20-10-2021 | 8:52 PM

COLOMBO (NEWS1ST):  වැල්ලවාය, ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගිය එකම පවුලේ පියා, පුතා සහ දුව මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, 38 හැවිරිදි පියා, 15 හැවිරිදි පුතා සහ 11 හැවිරිදි දියණිය දියේ ගිලී එලෙස මියගොස් ඇති බවයි. ඔවුන් මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. විනෝද චාරිකාවකට සහභාගී විම සඳහා ඔවුන් වැල්ලවාය ප්‍රදේශයට පැමිණ ඇති අතර, මෘත දේහ මේ වන විට වැල්ලවාය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.