COLOMBO (News 1st): ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි ඉන්දියානු ගොවි පොහොර සමුපකාර සමාගම නිෂ්පාදනය කරන නයිට්‍රජන් නැනෝ යූරියා දියර පොහොර පළමු තොගය අද(20) අලුයම මෙරටට රැගෙන ආවේ ය.
එලෙස රැගෙන එනු ලැබූ දියර පොහොර ප්‍රමාණය ලීටර් ලක්ෂයකි.
එම පොහොර තොගය අම්පාර, මඩකලපුව , ත්‍රිකුණාමලය ඇතුළු මහ කන්නයේ වී වගාව දැනට ආරම්භ කර ඇති දිස්ත්‍රික්කවල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා හෙට(21) හෝ අනිද්දා(22) යන දිනයන් වනවිට ගොවීන්ට ලබාදීමට සැලසුම් කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම සතිය තුළදී පමණක් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 05ක් ලංකාවට රැගෙන ඒමට සැලසුම් කර ඇති බවය.
පරිසර හිතකාමී කෘෂිකර්මයක් සඳහා වූ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ යටතේ මෙවර මහ කන්නයේ වී ගොවිතැන හා අනෙකුත් බෝග සියල්ලට කාබනික පොහොර භාවිතා කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක ය.
මේ අතර ප්‍රතික්ෂේප කරන ලද චීන කාබනික පොහොර අඩංගු නැව මෙරට දෙසට යාත්‍රා කළ ද, එහි ඇති පොහොර රටට ඇතුළු කර නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කරයි.
එහි ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසුවේ, අදාළ නෞකාවේ ගමන් මග පිළිබඳ අඛණ්ඩව නිරීක්ෂණය කරමින් ඇති බවය.
