පිට පළාත් සිසුන් එන්නත්කරණය 21 වැනිදායින් පසු..

21 වැනිදායින් පසු පිට පළාත්වල සිසුන් එන්නත්කරණයට පියවර..

by Staff writer 19-10-2021 | 10:10 AM

COLOMBO (News 1st): ලබන 21 වැනිදායින් පසු බස්නාහිර පළාතෙන් පිට සෙසු පළාත්වල සිසුන් එන්නත්කරණයට පියවර ගෙන තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ , ඒ අනුව උසස් පෙළ පළමුවර සහ දෙවන වර පෙනී සිටින සිසුන් එන්නත්කරණයට පියවර ගන්නා බවය. මේ අතර, මේ වනවිට වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන 60 % කට අධික පිරිසක් එන්නත්කරණයට යොමුව ඇතැයි ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ය.