වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට..

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට..

by Staff writer 19-10-2021 | 4:01 PM

COLOMBO (News 1st): ඇතිමලේ ගොවිපොළ ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් වයස අවුරුදු 60 ක පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ , ඔහු ඊයේ (18) රාත්‍රියේ සිය වගාබිමට යමින් සිටියදී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි. ඇතිමලේ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.