යුද හමුදාවෙන් තවත් කඩඉමක්..

යුද හමුදාවෙන් තවත් කඩඉමක්: 1වන බලකාය ඇරඹෙයි..

by Staff writer 19-10-2021 | 10:13 PM

COLOMBO (News 1st): ශ්‍රී ලංකා යුද හමුදාවේ පලවන බලකාය පසුගියදා ආරම්භ විය.

අනපේක්ෂිත තත්ත්වයන් සඳහා ඉදිරිපත්වීමට සහ හදිසි අවස්ථාවන්වලදී ක්‍ෂණිකව ක්‍රියාත්මක වී කටයුතු කිරීමට හැකියාව ඇති විශේෂ පුහුණුවක් ලැබූ කණ්ඩායමකින් මෙම බලකාය සමන්විත ය. අනුරාධපුර, සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී යුද හමුදාවේ පළවන බලකායේ සමරම්භක උත්සවය පසුගිය ඉරිදා පැවැත්වුණේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුනරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ය. බලකායේ නගා සිටුවීමේ උපදෙස්, නිල ලාංඡන සහ 01වන බලකායේ ධජය පිරිනැමීම මෙහිදී ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කිලිනොච්චි, ඉරණමඩු ප්‍රදේශයට පැමිණ පලවන බලකාය ස්ථාපනය කළේය. 53 වන සේනාංකය, 58 වන සේනාංකය, කමාන්ඩෝ බලසේනාව, විශේෂ බලකා බලසේනාව, ගුවන් සංග්‍රාමික බලසේනාව, පාබල බලසේනා සහ තවත් ඒකකයන්හී භටපිරිස් මේ බලකායට ඇතුළත් ය. පළමු වන බලකා මූලස්ථානයේ නව බලකාධිපති ලෙස මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ මහතා වැඩ භාර ගැනීම ඊයේ දිනයේදී සිදු විය. යුද හමුදාවේ පළවන බලකාය ස්ථාපිත කෙරුණේ, යුද හමුදාපතිවරයාගේ දෙහහස් විස්ස, විසිපහ ඉදිරි උපාය මාර්ගික සැළැස්මට අනුවයි.