නැමීබියාවට එරෙහිව ශ්‍රී ලංකාවට පහසු ජයක්..

නැමීබියාවට එරෙහිව ශ්‍රී ලංකාවට පහසු ජයක්..

by Staff writer 19-10-2021 | 6:06 AM

COLOMBO (News 1st): 2021 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියාවට එරෙහිව අබුඩාබිහිදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 කින් ජය ගත්තේ ය.

අබුඩාබිහි පැවැති තරගය ආරම්භයට පෙර අභාවප්‍රාප්ත හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා සිහිපත් කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඔහුට ගරු කිරීමට කළු පටි පැළැඳ සිටියේ ය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායමේ ක්‍රෙයිග් විලියම්ස් ලකුණු 29කි. මහීෂ් තීක්ෂණ ලකුණු 25කට කඩුලු 3ක් ද, වනිඳු හසරංග ලකුණු 24කට කඩුලු 2ක් ද දවා ගත්තේ ය. පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේදී නැමීබියා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 96 කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙල කඩුලු 3 ලකුණු 26කදී බිඳ වැටුණි. අනතුරුව පිටියේ ස්ථාවර වූ අවිශ්ක ප්‍රනාන්දු හා භානුක රාජපක්ෂ අතර සිව්වන කඩුල්ල සදහා නොබිඳුණු සබඳතවා ලකුණු 74කි. අවිශ්ක නොදැවී ලකුණු 30ක් රැස් කළේ ය. භානුක පන්දු 27කින් ලකුණු 42කි . පන්දුවාර 13.3ක් අවසානයේ කඩුලු 3ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඉලක්කය පසු කළේ ය.