කෝටි 07ක රත්‍රං සමග අයෙකු දැලේ..

කෝටි 07ක රත්‍රං සමග ගුවන් තොටුපොළ සේවකයෙකු දැලේ..

by Staff writer 19-10-2021 | 3:52 PM

COLOMBO (News 1st): රුපියල් කෝටි 7 කට අධික රත්‍රං තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසුවේ, අදාළ රත්‍රං තොගය ශරීරයේ ඉතා සූක්ෂම ලෙස සඟවා ගෙන ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටතට රැගෙන යන අවස්ථාවේදී ඔහු අද(19) අත්අඩංගුවට ගත් බවයි. සැකකරු සතුව තිබී සොයාගත් රන් බිස්කට් 48 මුළු බර කිලෝග්‍රෑම් 04කට අධික වෙයි. රත්‍රං තොගය රාජසන්තක කර ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.