නැනෝ නයිට්‍රිජන් දියර පොහොර අද මෙරටට..

ඉන්දියාවේ සිට නැනෝ නයිට්‍රිජන් දියර පොහොර අද මෙරටට..

by Staff writer 19-10-2021 | 10:05 AM

COLOMBO (News 1st): ඉන්දියාවෙන් ආනයනය කෙරෙන නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ගුවන් මගින් අද(19) මෙරටට රැගෙන ඒමට නියමිතය.

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා පැවසුවේ, ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් අදාළ පොහොර තොගය මෙරටට ගෙන්වා ගන්නා බවය. ආනයනය කරන නැනෝ නයිට්‍රිජන් පොහොර ලීටර් ලක්ෂය දැනට මහ කන්නය ආරම්භ කර ඇති ප්‍රදේශවල හඳුනාගත් ගොවීන් සඳහා බෙදා දීමට නියමිත බව ඔහු පැවසුවේ ය. ලේකම්වරයා සඳහන් කළේ, බෙදාහැරීම් ක්‍රියාවලිය ලබන 21 හෝ 22 යන දිනයන් වනවිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය.