.webp)
''මම සිංහලෙන් කිව්වොත් බැහැයි කියන්න බැරි දෙයක් තියනවා. මොකද මේ පොහොර හදනකොට අපේ ශ්‍රී ලාංකික කෘෂි විද්‍යාඥයෝ මේ කාර්යයේ යෙදිලා හිටියා, ලංකාව තුළ හදපු එකේ පේටන්ට් එක තමයි මේ කම්පනි එක තුළ තියෙන්නේ. නැනෝ තාක්ෂණය වෙනුවෙන් වැඩ කරපු ආචාර්ය, මහාචාර්යවරුන්ගේ ප්‍රතිඵලය කෙසේ හෝ ලංකාවට ලැබීමක් විදියට මම දකින්නේ. අපිට අපේ පේටන්ට් එක භාවිත කරලා අපිට මේක හදා ගන්න බැරි විදියට තත්ත්වයත් තමයි මීට කලින් තිබුණේ, ඒ තත්ත්වය එකවරම ඇති කරන්න බැහැ. අපිට දේශීයව මේක නිශ්පාදනය කරගැනීමේ හැකියාවක් නැහැ මාස දෙක තුනකින්. මොකද මේකේ ලෝයල්ටි එක පේටන්ට් එක හරහා තියෙන්නේ ඉන්දියානු කොම්පැනියට. නමුත් ඔවුන් අපිට පොරොන්දු වෙලා අපි කටයුතු කරලා අවසන් කළා. අපිට අපේ රටේ පරිසර හිතකාමී කෘෂිකර්මය සඳහා මේක භාවිත කිරීමට ලීටර් 31 ලක්ෂය ලබා දෙන්න''
ආණ්ඩුව මේ වනවිට කාබනික පොහොර ප්‍රතිපත්තියෙන් ඉවත් වෙලාද?
මේ ගැන අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ලැබුණේ මෙවැනි ප්‍රතිචාරයක්. එහිදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ, ආණ්ඩුව මේ ප්රශ්නයේදී දැඩි මුරණ්ඩ ප්රතිපත්තියක නොමැති බවයි.''මේක නරක ප්‍රතිපත්තියක් නෙමෙයිනේ. සංවාදය තියෙන්නේ මේ කාලවකවානු පිළිබඳව අපි අර ඉලක්කයට යෑම සඳහා යම් කාලයක් ගතවෙයි. ගොවියගේ පැත්තෙන් ප්‍රශ්නේ දිහා බලලා අස්වැන්න පැත්තෙන් ප්‍රශ්නේ දිහා බලලා ඔවුන්ගේ ආර්ථිකය පැත්තෙන් ප්‍රශ්නේ දිහා බලලා අවශ්‍ය තැන්වලදී පියවරක් පසු පසට ගැනීම වැරැද්දක් නෙමෙයි. එය එසේ විය යුතුයි''