අතුරුදන් වූ ඉන්දීය ධීවරයා සොයා නාවික මෙහෙයුමක්

by Staff Writer . 19-10-2021 | 10:52 PM

COLOMBO (NEWS1ST):  පේදුරුතුඩුව - කෝවලම් ,කලංගරෙයි මුහුදු තීරයේ අතුරුදන් වූ ඉන්දීය ධීවරයා සොයා නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙරට මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (18) පස්වරුවේ මෙහෙයුමක් ආරම්භ කර තිබිණ. එහිදී පලාගිය එක් ධීවර බෝට්ටුවක් නාවික හමුදා බොට්ටුවක ගැටී තිබේ. එම අනතුරෙන් ඉන්දීය ධීවර බෝට්ටුව පෙරළීගිය ගොස් ඇති අතර එහි සිටි ධීවරයින් 03 දෙනාගෙන් දෙදෙනෙකු බේරාගෙන තිබුණේ නාවික හමුදාවයි. කෙසේ වෙතත් එක් ධීවරයෙකු තවමත් අතුරුදන් ය. අදාළ ඉන්දීය ධීවරයින් පැමිණ තිබුණේ තමිල්නාඩු පුදුකෝට්ටෛයි ප්‍රදේශයේ සිටයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය කොට්ටේපටිනම් ධීවරයින් අද විරෝධතාවක නිරත විය.