by Staff writer 19-10-2021 | 10:15 AM
COLOMBO (News 1st): මුන්දලම හා අඟුලාන ප්‍රදේශවලදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ(18) රාත්‍රියේ මුන්දලම, මදුරන්කුලිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී වයස අවුරුදු 28 ක පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවය.
මියගිය පුද්ගලයාගේ මවගේ අනියම් සැමියා විසින් මෙය සිදු කරනු ලැබ තිබේ.
අඟුලාන ප්‍රදේශයේ සිදු වූ පුද්ගල ඝාතනයෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 40 ක පුද්ගලයෙකි .
මිය ගිය පුද්ගලයාගේ සහෝදරියගේ ස්වාමි පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී එම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
ඝාතන සිදු කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.