තවත් ෆයිසර් මාත්‍රා තොගයක් දිවයිනට..

තවත් ෆයිසර් මාත්‍රා තොගයක් දිවයිනට..

by Staff writer 19-10-2021 | 9:47 AM

COLOMBO (News 1st): අමෙරිකාවේ නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 608,000 ක් අද(19) අලුයම දිවයනට රැගෙන එනු ලැබුවේ ය.

ඒ , කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට ය. එමෙන්ම මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනය තුළ පුද්ගලයින් 39,862 දෙනෙකුට කොරෝනා එන්නත ලබා දී තිබේ . වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, මේ වනවිට පුද්ගලයින් එක් කෝටි 47 ලක්ෂ 85,189 දෙනෙකුට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බවය. එන්නත් මාත්‍රා 2 ම ලබා දී ඇති මෙරට පුද්ගලයින් සංඛ්‍යාව එක් කෝටි 28 ලක්ෂ 18,379 කි.