යුද හමුදාපති කිලිනොච්චියේදී ගොවීන් හමුවෙයි..

යුද හමුදාපති කිලිනොච්චියේදී ගොවීන් හමු වී කතා කළේ මොනවාද?

by Staff writer 18-10-2021 | 9:44 PM

COLOMBO (News 1st): කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල ගොවීන් ඊයේ(17) යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවිය.

එහිදී මේ කන්නයේ වගා කටයුතු ඇරඹීම සඳහා කාබනික සහ රසායනික පොහොර ලබාදීම පිළිබඳව සාකච්ඡා වී තිබේ . තම පොහොර ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරන ලෙස ද මෙහිදී ගොවීන් යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලා තිබේ . එහිදී ගොවීන් ඉල්ලා ඇත්තේ, දැනට භාවිත නොකරන රජයේ ඉඩම්වල වගා කිරීම සඳහාද අවස්ථාව ලබා දෙන ලෙසය. එහිදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනාධිපතිවරයාගේ කාබනික පොහොර වැඩපිළිවෙළ පිළිබඳව ගොවීන්ට පැහැදිලි කිරීමක් සිදු කර ඇති අතර යුද හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේ , මෙහිදී ගොවීන්ගේ වගා ගොවිතැනට අවශ්‍ය සහය ලබාදීම පිළිබඳව ද අවදානය යොමු වූ බවය.