බන්ධනාගාර රැඳවියන්ට Sanitizer තහනම්..

බන්ධනාගාර රැඳවියන්ට Sanitizer තහනම්..

by Staff writer 18-10-2021 | 4:04 PM

COLOMBO (News 1st): බන්ධනාගාරගත රැඳවියන්ට දෑත් පිරිසිදු කාරක දියර(Sanitizer) භාවිත කිරීම තහනම් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, දෑත් පිරිසිදු කිරීම සඳහා රැඳවියන්ට සබන් ලබාදීමට පියවර ගෙන ඇති බවය. අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රැඳවියෙකුට දෑත් පිරිසිදු කාරක දියර භාවිත කිරීමට අවසර හිමි වනු ඇති. පසුගියදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතික සැකකරුවන් පිරිසක් දෑත් පිරිසිදු කාරක දියර පානය කිරිමෙන් සිද්ධියෙන් අනතුරුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම තීරණයට එළැබ තිබේ.