නිරෝධායන නීති කැඩූ 53 දෙනෙකු දැලේ..

නිරෝධායන නීති කැඩූ 53 දෙනෙකු දැලේ..

by Staff writer 18-10-2021 | 9:27 AM

COLOMBO (News 1st): අද(18)උදෑසන 6.00 න් අවසන්වූ පැය 24 තුළ නිරෝධායන නිති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 53 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 81,034 ක් අත්අඩංගුවට ගෙන ඇති බවය. බස්නාහිර පළාතට වෙනත් පළාත්වලින් ඇතුළුවන සහ පිටවන ස්ථානවල ස්ථාපිත කර ඇති මාර්ගබාධක 13 කදී පුද්ගලයින් 3149 දෙනෙකු ගතවූ පැය 24 තුළ පරීක්ෂා කර තිබේ. ඒ අනුව නිසි අවසරයක් නොමැතිව මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 415 දෙනෙකු ආපහු හරවා යැවූ බව පොලිසිය සඳහන් කළේ ය.