by Staff Writer . 18-10-2021 | 8:45 PM
COLOMBO (NEWS1ST): අමෙරිකාව සමග ඇති LNG ගනුදෙනුව පිළිබඳව සංවාදයක් පවතිද්දී කොළඹ වරාය නගර කොමිසම , චීන සමාගම සහ ජනාධිපති ලේකම්වරයා අතර මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
එහි ආසන්නතම සිදුවීම ලෙස වාර්තා වන්නේ වරාය නගර කොමිසමේ නීති උපදේශක ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතා සහ කොමිසමේ ලේඛකාධිකාරී ලෙස ක්‍රියා කළ කැපිටල් සිටි කෝපරේට් සර්විසස් සමාගම ඉල්ලා අස්වීමයි.
නිහාල් ජයවර්ධන මහතා මෙම සමාගමේ ද උපදේශන මට්ටමෙන් ක්‍රියා කළ අයෙකි.
නීති උපදේශක හා ලේඛකාධිකාරී සමාගම ඉල්ලා අස්වීමට පෙර ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, වරාය නගර කොමිසමේ සභාපති ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන හා සී.එච්.ඊ.සී. පෝට් සිටි චීන සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ යැන්ග් ලූ මහතා අතර මත භේදාත්මක තත්ත්වය හටගෙන තිබිණ.
නිව්ස් ෆස්ට් කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ, වරාය නගරයේ ඉඩම් මෙරට පාර්ශ්වයන්ට බදු දීමෙන් ලැබෙන රුපියල් ආදායම් ඩොලර්වලට පරිවර්තනය කිරීමට අවශ්‍ය බව චීන සමාගම වරාය නගර කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
චීන සමාගම ඉඩම් ගොඩ කර වරාය නගරය ඉදිකිරීමට වැය කළ මුදලට
සරිලන පරිදි ඉඩම් බදුදී ඇති බැවින් රුපියල් ආදායම් ඩොලර්වලට මාරුකර රටින් පිට කිරීමට ඉඩ දිය නොහැකි බව කොමිසමේ සභාපති ගාමිණී මාරපන මහතා එහිදී අවධාරණය කර තිබේ.
මාරපන මහතාගේ ස්ථාවරය වී ඇත්තේ රට ඩොලර් අර්බුදයක සිටින අවස්ථාවක් මේ සඳහා කිසිසේත්ම ඉඩ නොදිය යුතු බවයි.
මේ සංවාදය අතරතුරු චීන සමාගමේ කලමනාකරණ අධ්‍යක්ෂව