අඛණ්ඩව පන්දු 4කදී කඩුලු 4ක්..

අයර්ලන්තයේ කටර්ටිස් කැම්පර් අඛණ්ඩව පන්දු 4කදී කඩුලු 4ක් දවා ගනී..

by Staff Writer . 18-10-2021 | 8:15 PM

COLOMBO (News 1st): නෙදර්ලන්තයට එරෙහිව අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කටර්ටිස් කැම්පර් අඛණ්ඩව පන්දු 4කදී කඩුලු 4ක් දවා ගත්තේය.

ඒ, පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අද පැවති තරගයකදීය. ඒ අනුව, කටර්ටිස් කැම්පර් වාර්තා අතරට එක් වූයේ 2007 වසරේදී ඔස්ට්‍රේලියාවේ බ්‍රෙට් ලී ගෙන් අනතුරුව පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියකදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු පන්දු යවන්නා ලෙසය. කර්ටිස් කැම්පර් තරගයේ 9 වැනි පන්දුවාරයේදී මෙම දක්ෂතාව දැක්විය. 9 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී ඔහුගේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ කොලින් ඇකර්මන්. අනතුරුව යොමු කළ පන්දුවේදී රයන් ටෙන්ඩස්කාටෙ ලකුණු නොලබා දැවී ගියේය. ස්කොට් එඩ්වඩ් දැවී ගියේ කර්ටිස් කැම්පර්ගේ තුන්වැනි කඩුල්ල ලෙසය. 9 වැනි පන්දු වාරයේ 5 වැනි පන්දුවේදී ඔහු අඛණ්ඩව සිව්වැනි කඩුල්ල ද දවා ගත්තා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්තයට පන්දුවාර 20 අවසානයේදී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 106ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි අයර්ලන්තය පන්දුවාර 15යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.