අමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් මියයයි

අමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් කොවිඩ් වැළඳී මියයයි

by Sagarika Chathumali 18-10-2021 | 6:43 PM

COLOMBO (NEWS1ST): අමෙරිකා එක්සත් ජනපද හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පවෙල් මහතාගේ පවුලේ සාමාජිකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, 84 හැවිරිදි පවෙල් මහතා කොවිඩ් - 19 සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බවයි. හිටපු ඉහළ පෙළ හමුදා නිලධාරියෙකු ද වන පවෙල් මහතා හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් යටතේ 2001 වසරේදී අමෙරිකාවේ පළමු අප්‍රිකානු - අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා බවට ද පත්විය. පවෙල් මහතා මියයන විට පූර්ණ එන්නත්කරණයට ලක්ව සිට ඇති බව ද පවුලේ ඥාතීන් උපුටා දක්විමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.