පැන්ඩෝරා වාර්තාවට අදාළ තිරුකුමාර්ගේ වත්කම් ගැන විමර්ශනය ඇරඹේ..

පැන්ඩෝරා වාර්තාවට අදාළ තිරුකුමාර්ගේ වත්කම් ගැන විමර්ශනය ඇරඹේ..

පැන්ඩෝරා වාර්තාවට අදාළ තිරුකුමාර්ගේ වත්කම් ගැන විමර්ශනය ඇරඹේ..

කර්තෘ Staff writer

18 Oct, 2021 | 4:17 pm

COLOMBO (News 1st): ප්‍රකෝටිපතියන්ගේ සැඟවුණු වත්කම් හෙළි කළ පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා ලබා දුන් සාක්ෂි මත පදනම්ව මෙරට ඇති වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසිනි.

එම කොමිෂන් සභාව පැවසුවේ, විදෙස් වත්කම් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගනිමින් විමර්ශනට පියවර ගන්නා බවය.

අදාළ විමර්ශනවලට අදාළව තිරුකුමාර් නඩේසන් මහතා මේ වනවිට අවස්ථා 02 කදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන්නේ 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]